සන්නාහ සන්නද්ධ බලසේනාවේ 35 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

10th June 2023

සන්නාහ සන්නද්ධ බලසේනාවේ 35 වන සංවත්සරය 2023 ජුනි මස 01 දින රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සමරන ලදී. සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.පී. කාරියවසම් සහභාගී වූවේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.පී. කාරියවසම් වෙත සන්නාහ සන්නද්ධ බලසේනාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූ කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව නව බිම්බෝම්බ ප්‍රතිරෝධක රථය (MRAP) 1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත නිල වශයෙන් භාරදෙන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.