ලෝක පරිසර දිනය වෙනුවෙන් 53 සේනාංක මූලස්ථාන පරිශ්‍රය තුළ පැළ 350ක් රෝපණය කෙරේ

10th June 2023

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත පසුගිය සඳුදා (05) දිනට යෙදෙනු ‘ලෝක පරිසර දිනයට’ සමගාමීව ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 පාබල සේනාංක පරිශ්‍ර‍ය තුළ පැළ සිටුවීමේ වැඩසටහනක් පැවැත්විණි.

සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ දඹුල්ල ශාඛාව විසින් කඳවුරු පරිශ්‍රය තුළ සිටුවීම සඳහා ‘කුඹුක්’ සහ ‘මී’ පැළ 350 ක් 53 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත ප්‍රදානය කරන ලදී.

53 පාබල සේනාංක කඳවුරු පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන සඳහා සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ දඹුල්ල ශාඛාවේ කළමනාකරු භාතිය රත්නායක මහතා, 53 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.