යක්කල රණවිරු ඇපරල් ආයතනය ‘වෙසක්’ උත්සවය උත්කර්ෂවත් අයුරින් සමරයි
11th May 2023
යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු රණවිරුවන් කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ නිර්මාණාත්මක පහන් කූඩු සහ සැරසිලි නිර්මාණය කරමින් වෙසක් උත්සවය සැමරීමට දායකත්වය දක්වනු ලැබීය.
යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.බී මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, වෙසක් පෝය දින (මැයි 5) වෙසක් පහන් කූඩු සහ විදුලි ආලෝකකරණයන් විවෘත කරනු ලැබීය.
උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ නේවාසික රණවිරුවන් සක්‍රීයව දායකත්වය දැක් වූහ.