56 පාබල සේනාංකය, යාපනය ශික්‍ෂණ රෝහල සමඟ එක්ව නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම වැඩසටහනක් දියත්කරයි
3rd April 2024
56 පාබල සේනාංකය මූලිකත්වයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ වෛද්‍ය කඳවුරුවලදී පරීක්‍ෂාවට ලක් වූ රෝගීන් වෙනුවෙන් 2024 මාර්තු මස 26 දින යාපනය ශික්‍ෂණ රෝහලේදී විශේෂ ශෛල්‍යකර්ම වැඩසටහනක් පැවැත්විණි.
එහිදී, යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය මලරාවන් සහ වෛද්‍ය තිලීපන් ප්‍රමුඛ කාර්යය මණ්ඩලය විසින් පලාලි යුද්ධ හමුදා මූලික රෝහල සමඟ ඒකාබද්ධව රෝගීන් 87 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදුකරන ලදී. මීට අමතරව, යාපනය ප්‍රදේශයේ රෝගීන් 28 දෙනෙකු මෙම ශෛල්‍යකර්ම වැඩසටහන සඳහා සහභාගී වී සිටියහ.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් යාපනය ශික්‍ෂණ රෝහලේ අක්‍ෂි සායන ඒකකය වෙත ගොස් වැඩසටහනේ කටයුතු නිරීක්ෂණය කරන ලදී.