2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හන්තාන කඳුවැටියේ අතුරුදන් වූ යුවලක් සොයාගනී

13th April 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 2024 අප්‍රේල් මස 06 දින හන්තාන කඳුවැටියේදී අතුරුදන් වූ යුවලක් සොයා මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.

සිදුවීම පිළිබඳ දැනුවත් වූ විගස එම ඒකකයේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබූ අතර පසුදා අලුයම වීමට ප්‍රථම අතුරුදන් වූ යුවල සොයාගැනීමට භටපිරිස් සමත්වූහ.

111 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත නිලධාරීන් දෙදෙනෙක් සහ සෙසුනිලයන් 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා සහභාගී වූහ.