නන්දිමිත්‍රගම ප්‍රදේශයේ අක්‍ෂි ආබාධ සහිත පුද්ගලයින් 166 දෙනෙකු සඳහා ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක්

29th April 2024

11 ගැමුණු හේවා බලකාය වෙතින් 56 පාබල සේනාංකයේ සම්බන්ධීකරණය යටතේ පුනරුත්ථාපනය සඳහා සහයවීමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානය සමඟ එක්ව අප්‍රේල් මස 24 දින නන්දිමිත්‍රගම ප්‍රදේශයේ අක්‍ෂි ආබාධ සහිත පුද්ගලයින් 166 දෙනෙකු සඳහා ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා පුනුරුත්ථාපනය සඳහා සහයවීමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ සහකාර ලේකම් ආචාර්ය සර්වේස්වරන් මහතා අනුග්‍රාහකත්වය දක්වනු ලැබීය. 11 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන් විසින් උත්සවයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

මෙම අවස්ථාවට 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ පුනරුත්ථාපනය සඳහා සහයවීමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.