වග ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන්ට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
20th June 2024
පසුගිය දිනවල පැවති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබූ අතර එම හේතුවෙන් පවුල් රැසක් අවතැන් වූ අතර මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 2024 ජුනි මස 19 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ගංවතුරෙන් වැඩිපුරම පීඩාවට පත් වූ වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 35 දෙනෙකු වෙනුවෙන් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබිණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය සහ එම මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීතුමන්ගේ සහයෝගය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම වැඩසටහන අතරතුරදී, ධෛර්යමත් බව සහ පරාර්ථකාමීත්වය පෙන්නුම් කරමින් ගංවතුර තත්ත්වයෙන් අනතුරකට ලක්වූ පුද්ගලයින් සිව්දෙනෙකු බේරාගනු ලැබූ චරිත්මා දිනේන්ද්‍රි මාවිටගේ ගේ සුවිශේෂී නිර්භීතකම ඇගයීමට ලක්විය. ඇයගේ වීර ක්‍රියාව වෙනුවෙන් මෙම අවස්ථාවේදී ඇය වෙත මූල්‍ය ත්‍යාගයක් ද පිරිනැමිණි.