තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි
18th December 2024
යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 9 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් එල්.එස්.ඩි.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී 2024 දෙසැම්බර් මස 11 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් එල්.එස්.ඩි.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.