මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින්තුමන්ට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගෞරවාචාරය
16th December 2024
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී මේජර් ජෙනරල් නිලයට උසස් කිරීමෙන් පසු 2024 දෙසැම්බර් මස 15 දින අඹේපුස්සේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගෞරවාචාරය පුදකරන ලදී.
එතුමන්ගේ සම්ප්‍රප්තියත් සමග හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුඳකරන ලදී.අනතුරව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දිවංගත නිලධාරීන් සහ සෙසු නිලයන් වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, එහිදී එතුමන් කාර්ය මණ්ඩලය සමඟ සුහඳ අදහස් හුවමාරුවක නිරත විය.
රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේ පැවති විශේෂ දිවා භෝජන සංග්‍රහයකින් දිනයේ වැඩකටයුතු අවසන් වූ අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩූ විසින් නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්තුමන්ගේ උසස්වීම අගයමින් සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී.