නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවසක්

18th December 2024

හඟුරන්කෙත, මන්දාරම්නුවර ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ප්‍රදේශයේ දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

නව නිවස විවෘත කිරීමේ උත්සවය 2024 දෙසැම්බර් මස 17 දින පැවති අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ සුරතින් නව නිවස නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.