ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක
17th December 2024
ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඔලිවියර් ප්‍රෑස් මහතා යුද්ධ හමුදාව වෙතින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා ව්‍යාපෘති පිළිබඳ දැනුවත්වීමේ අරමුණින් 2024 දෙසැම්බර් 16 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක නිරත විය.
එහිදී, 1 බලකායේ බලකාධිපති සහ වැඩබලන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් සංචාරයේ නිරත දූත පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම මූලස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘති, ආරක්‍ෂාව සහ අනෙකුත් පොදු කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් යුද්ධ හමුදාවේ කාර්යභාරය සබැඳිව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකළේය.
සුහඳ හමුව සමාප්තියේදී, සමරු තිළිණ හුවමාරුවක් සිදුකිරීමෙන් අනතුරුව ඔලිවියර් ප්‍රෑස් මහතා විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය. මෙම සුහඳ හමුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මාණ්ඩලික නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.