24 පාබල සේනාංකාධිපති විසින් 241 පාබල බලසේනාවේ සෙසුනිල භටනිවාසය විවෘත කරයි
26th August 2024
241 පාබල බලසේනාවේ අභිනවයෙන් ඉදිකරන ලද සෙසුනිල භට නිවාසය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් 2024 අගෝස්තු මස 22 දින විවෘත කරන ලදී.
භාවිතයෙන් ඉවත් කරන ලද අමුද්‍රව්‍ය හා ප්‍රාදේශීයව සපයා ගන්නා ලද අමුද්‍රව්‍ය සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රතිපාදන මඟින් නව ගොඩනැගිල්ල ඉදිකරනු ලැබීය.
241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ ඉදිකරනු ලැබූ භට නිවාසය එම බලසේනාව සහ බලඇණිවල ශ්‍රම දායකත්වය මත ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ තාක්ෂණික දායකත්වයෙන් ඉදිකරනු ලැබීය.