පැරිස් පැරාලිම්පික් උළෙලේදී සමිත දුලාන් කොඩිතුවක්කුගෙන් ලෝක වාර්තාවක් සමඟින් රිදී පදක්කමක්
3rd September 2024
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලියේ දී 2024 සැප්තැම්බර් 02 දින පැවැත් වු පිරිමි F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බලළත් නිලධාරි II සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වූ අතර එය මීට පෙර ඔහු විසින් F44 තරඟ ඛාණ්ඩය යටතේ පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳහෙළීමකි.
ඉන්දීය මලල ක්‍රීඩක සුමිත් ඇන්ටිල් මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර් 70.59ක දුරක් වාර්තා කරමිනි. එයද ඔහු විසින් F64 ඛාණ්ඩයෙන් මීට පෙර පිහිටුවා තිබූ පැරාලිම්පික් වාර්තාව බිඳහෙළීමකි.
බලළත් නිලධාරි II සමිත දුලාන් කොඩිතුවක්කු වාර්තාකළ දක්ෂතාවය පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයකු ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස රන් අකුරින් සනියටුහන් වනු ඇත. 2024 පැරිස් ක්‍රීඩා උළෙලේදී මේ දක්වා පදක්කමක් ලබා ගත් එකම ශ්‍රී ලාංකිකයාද ඔහුය.