18 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පිරිසිදුකිරිමේ වැඩසටහනක් පවත්වයි
26th August 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව 18 ගැමුණු හේවා බළකායේ භට පිරිස් 2024 අගෝස්තු මස 22 දින කුඹුක්කන ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රය සහ මොනරාගල මදුරුකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
121 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සිදු කරන ලදී. භට පිරිස් විසින් සිදුකරන ලද මෙම වැඩසටහන පිළිබඳ විහාරාධිපති හිමියන් සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලය විසින් ප්‍රශංසා කළහ.