ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් අධ්‍යාපනික දේශනයක් පවත්වයි

25th August 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී 2024 අගෝස්තු මස 21 දින දේශනයක් පවත්වන ලදී.

කාලීනව මතුවන අභියෝගයන්,උපාය මාර්ගිකව අභියෝග ජයගැනීම, මැතිවරණ කාලසීමාව තුළදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වගකීම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය හා ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටළු ඇතුළු විවිධ මාතෘකාවන් ඔස්සේ නීතිඥ කේ.එස්. හර්ෂාන් පෙරේරා මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදී.

මෙම දේශනය සඳහා 1 බළකායේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි හි සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් සහභාගී වූහ.