දෙමළ භාෂා පාඨමාලා අංක 01 – 2024 සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පවත්වයි
6th October 2024
9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදව විසින් සංවිධානය කරන ලද අංක 01–2024 දමිළ භාෂා පාඨමාලා සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 1 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සිංහපුර කනිෂ්ඨ විද්‍යාලයේ සහ නෙළුම් වැව මහා විද්‍යාලයේ සිසුන් 178 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංගේ ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය.
පාසල් සිසු සිසුවියන්ගේ සංස්කෘතික සංදර්ශනවලින් මෙම උත්සවය වර්ණවත් වූ අතර, මෙම අවස්ථාවට වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ දෙමාපියන් ද සහභාගි වූහ.