ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ සංගීත වැඩසටහනක් සංවිධානය කරයි

6th October 2024

2024 ඔක්තොම්බර් 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් 2024 ඔක්තෝම්බර් මස 3 දින එම මුලස්ථාන ක්‍රීඩා පිටියේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලදී.

කණ්ඩායම් හතක් තරඟ වැදුණු අතර 3 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විනයාරක්‍ෂක ඛණ්ඩයේ කණ්ඩායම ශූරයන් බවට පත්වූ අතර, ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ ආරක්‍ෂක ඛණ්ඩයේ කණ්ඩායම අනුශූරතාව හිමිකර ගන්නා ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්‍රදානය කරන ලදී.

අනතුරුව එදින සංගීත වැඩසටහනක් ද පවත්වන ලදී. තවද, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවය කරන සිවිල් සේවක කාර්ය මණ්ඩලය සඳහා රු. 5,000 ක් වටිනාකමිකින් යුත් විශේෂ වියළි සලාක පාර්සල් 36 දෙනෙකුට පිරිනැමීම සිදුකල අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සහභාගි වූහ.