2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වවුනියාවේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නිවසක් ඉදිකරයි
6th October 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 27 දින 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ වව්නියාව, පුරවසම්කුලම්, නිලියාමොටේ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති සංකේතාත්මක ධජ ආශිර්වාද පූජොත්සවයේදී අභිනවයෙන් ඉදිකරන ලද නිවසේ යතුර නිල වශයෙන් එම්.සදානන්දන් කුමාරි මහත්මිය වෙත ප්‍රදානය කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ප්‍රතිලාභියාවෙත යතුර භාරදෙන ලදී.