ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා ලබා දී ඇති පොදු සමා කාලය අවසන් වේ

30th December 2016

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබා දී තිබූ පොදු සමා කාලය සෙනසුරාදා (දෙසැම්බර් 31 ) දින අවසන් විය.

ඒ අනුව සෙනසුරාදා පස්වරු වන විට යුද හමුදා නිලධාරීන් 11 ක් සහ සෙසු නිලයින් 7812 ක්, නාවික හමුදා නිලධාරීන් 02 ක් සහ නාවිකයින් 709 ක් මෙන්ම ගුවන් හමුදා නිලධාරීන් 21 ක් සහ ගුවන් භටයින් 312 ක් නීත්යානනුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා වාර්තා කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය මගින් ගත් තීරණයකට අනුව පොදු සමා කාලය 2016 දෙසැම්බර් මස 1 වන දින සිට බලපවත්වන ලදී.

|