දිළිදු පවුලක් වෙත යුද හමුදා භට පිරිස් වෙතින් තවත් එක් නිවසක්
20th December 2016
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ජීවත්වන දිළිදු මහළු යුවලක් වෙත රාජ්‍ය බලධාරීන්ගේ සහය ඇතිව යුද හමුදා භට පිරිස් විසින් නව නිවසක් ඉදි කර දී ඇත.
මේ සඳහා මුලතිව් දිස්ත්‍රික් ලෙක්ම් විසින් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය.
භට පිරිස් විසින් එම ව්‍යාපෘතියේ වියදම අවම කරමින් ප්‍රදේශයේ පවතින අමු ද්‍රව්‍ය යොදා ගනිමින් නිවසේ ඉදි කිරීම් කටයුතු සති කිහිපයකින් නිම කරනු ලැබීය.
එම නව නිවසෙහි යතුර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් එම යුවල වෙත ප්‍රදානය කරනු ලැබීය.
එම අවස්ථාව සඳහා 681 බලසේනාවෙහි බලසේනාධිපති, ජ්‍යෙස්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.
|