අනුරාධපුර රෝහල් හි ගිලන් රථ ධාවනයට යුද හමුදා රියදුරන්
22nd December 2016
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ අවට රෝහල් හි ගිලන් රථ රියදුරන් සහ අනෙකුත් රියදුරන් (22) පෙරවරුවෙහි හදිසියෙහි සිදු කරනු ලද වැඩ වර්ජනය හේතුවෙන් එම රෝහල් හි හදිසි අවශ්‍යතාවයන් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ රියදුරන් යෙදවීම සිදු කරනු ලැබීය.
අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු එම දිස්ත්‍රික්කයේ රෝහල් 16 ක දෛනික ධාවන කටයුතු අඩාල වීම හේතුවෙන් එම රෝහල් හි කාර්යමණ්ඩල සහ රෝගීන් අපහසුතාවයට පත් විය.
ඒ අනුව රෝහල් බලධාරීන් විසින් ඇති වූ ක්ෂණිකව අපහසුතවය මගහැරවීම සඳහා ඉදිරිපත් වී යුද හමුදා සාමාජිකයින්ගේ සහය ලබා ගනිමින් අවශ්‍ය සේවාවන් සලසා දෙන ලදී.
යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ රෝහල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් රෝහල් වල ගිලන් රථ සඳහා රියදුරන් 11 දෙනෙකු කඩිනමින් ලබා දෙන ලදී.
ඊට අමතරව එම රෝහල් හි සාමාන්‍ය සහ පරිපාලන කටයුතු වෙනුවෙන් යොදාගන්නා වාහන සඳහා ද තවත් යුද හමුදා රියදුරන් කණ්ඩායමක් යොදවන ලදී.
|