උණුසුම් පුවත්
මුලතිව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 189 ක් සිවිල් වැසියන් වෙත

මුලතිව් දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් තවත් අක්කර 189 ක් නිදහස් කිරීම බදාදා (19) දින සිදු කරනු ලැබීය.
හසලක ගාමිණී විරුවාගේ 26 වන සංවත්සරය අලිමංකඩ දී

අලිමංකඩ හමුදා කඳවුරේදී ත්‍රස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබලුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා 1991 ජුලි මස 14 වන දින ස්වේච්ඡාවෙන් සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ගාමිණී කුලරත්න විරුවාගේ 26 වන සංවත්සරය සිකුරාදා (14) දිනට යෙදී තිබු අතර, ඒ වෙනුවෙන්......
නව යුද්ධ හමුදාධිපති ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවේ

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (13) පස්වරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා හමුවිය. මෙම සුහද හමුවේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා යුද්ධ හමුදාවට වැදගත්වන කරුණු පිළිබඳව.....
නව යුද්ධ හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු අඟහරුවාදා (11) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරට සුර්ය බලශක්ති විදුලි උත්පාදන පද්ධතියක්

මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා 5 වන කාරක ඉංජිනේරු බලකා කඳවුරු පරිශ්‍රයේ නිලධාරි නිවස්නයේ සුර්ය බලශක්ති විදුලි උත්පාදනය පද්ධතියක් අඟහරුවාදා (11) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් විවෘත කරනු ලැබීය.
නව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පළමු මාධ්‍ය සාකච්ඡාව

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යූද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බදාදා (05) දින රාජකාරි භාරගත් විගසම, යුද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස සිය ඉදිරි දැක්ම පිළිබඳව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වීම ද සිදු කෙරිනි.
ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව යුද්ධ හමුදාධිපති ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 ජූනි මස 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස පත් කර ඇත.
මීගමුව රෝහලේ ඩෙංගු රෝගීන් වෙනුවෙන් අතිරේක වාට්ටු ගොඩනැගිමට යුද්ධ හමුදා සහාය

මීගමුව මහ රෝහලේ සංචාරයක නිරතවු අතිගරු ජනාධිපතිතුමන් හට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් සඳහා ප්‍රමාණවත් වාට්ටු පහසුකම් නොමැති බවට අවධානයට ලක්වීමෙන් පසු ලබාදුන් උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වු යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඉංජිනේරු සේවා බලකාය..........
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය ආරම්භ කළ ඩෙංගු මර්ධන වැඩසටහන තවදුරටත්

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පුරා සතියක කාලයක් පවත්වනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනේ දෙවන දිනය කොළඹ, මහවත්ත ප්‍රදේශය ආවරණය කරමින් සඳුදා (03) දින ආරම්භ කරනු ලැබීය. මේ සඳහා කණ්ඩායම් 40 ක් සහභාගි වු අතර, ඉන් එක් කණ්ඩායමක් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 5 දෙනෙකු, පොලිස් නිලධාරියකු....
යාපනය ප්‍රදේශයේ මයිලඩි ධීවර වරාය ඇතුළු තවත් ඉඩම් මුල් පදිංචිකරුවන් හට නිදහස් කෙරේ

මයිලඩි ධීවර වරාය ඇතුළු තවත් ඉඩම් අක්කර 54 ක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සඳුදා (03) දින පවත්වනු ලබන උත්සවයකින් නිදහස් කිරීමට නියමිතය.මෙම ඉඩම් නිදහස් කිරීමත් සමඟ මයිලඩි ප්‍රදේශයේ අවතැන් වු පවුල් ගණනාවකට නැවත ඔවුන්ගේ මුල් ඉඩම් වල පදිංචිවීමට නිදහස ලැබෙනු ඇත.