නව යුද්ධ හමුදාධිපති ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවේ

13th July 2017

නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (13) පස්වරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා හමුවිය.

මෙම සුහද හමුවේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා යුද්ධ හමුදාවට වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කළහ.

තවද එහිදි යුද්ධ හමුදාධිපතිතුමා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා වෙත යුද්ධ හමුදාවේ ඉදිරි දැක්ම පිළිබඳවත් යුද්ධ හමුදාව තුල ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳවත් දැනුවත් කළ අතර, යුද්ධ හමුදාව හා සම්බන්ධ කරුණුවල දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයට තම සහයෝගය දක්වන බව ද ප්‍රකාශ කළේය.

එහිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා යුද්ධ හමුදාධිපතිතුමා වෙත සිය උණුසුම් සුභ පැතුම් ද එක් කළහ.

මෙම හමුව අවසානයේ ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

|