බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය ආරම්භ කළ ඩෙංගු මර්ධන වැඩසටහන තවදුරටත්
2nd July 2017
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පුරා සතියක කාලයක් පවත්වනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනේ දෙවන දිනය කොළඹ, මහවත්ත ප්‍රදේශය ආවරණය කරමින් සඳුදා (03) දින ආරම්භ කරනු ලැබීය.
මේ සඳහා කණ්ඩායම් 40 ක් සහභාගි වු අතර, ඉන් එක් කණ්ඩායමක් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 5 දෙනෙකු, පොලිස් නිලධාරියකු සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු ඇතුලත් විය. මීට සමගාමීව කඩුවෙල, පිළියන්දල, හංවැල්ල, හෝමාගම සහ කහතුඩුව යන ප්‍රදේශ ආවරණය වන පරිදි යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු පමණ ඩෙංගු මර්ධන වැඩසටහන් වල නිරතව සිටියි.
මෙම වැඩසටහන සෙනසුරාදා (01) වන දින බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අසලින් ආරම්භ වු අතර, මෙම අවස්ථාව සඳහා කොළඹ උතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහ කොළඹ මහ නගර සභාවේ බළධාරින් ද එක්ව සිටියහ.
මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සෙනසුරාදා (08) දින තෙක් පැවැත්විමට ද නියමිතය.
|