යාපනය ප්‍රදේශයේ මයිලඩි ධීවර වරාය ඇතුළු තවත් ඉඩම් මුල් පදිංචිකරුවන් හට නිදහස් කෙරේ

1st July 2017

මයිලඩි ධීවර වරාය ඇතුළු තවත් ඉඩම් අක්කර 54 ක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සඳුදා (03) දින පවත්වනු ලබන උත්සවයකින් නිදහස් කිරීමට නියමිතය.

මෙම ඉඩම් නිදහස් කිරීමත් සමඟ මයිලඩි ප්‍රදේශයේ අවතැන් වු පවුල් ගණනාවකට නැවත ඔවුන්ගේ මුල් ඉඩම් වල පදිංචිවීමට නිදහස ලැබෙනු ඇත.

මීට පෙර ද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ඌරණි ප්‍රදේශයේ අක්කර 35 ක් මුල් අයිතිකරුවන් වෙත 2017 අප්‍රේල් 07 වන දින එම මූලස්ථානය විසින් නිදහස් කර ලබා දී ඇත.

|