උණුසුම් පුවත්
ඉන්ධන බෙදාහැරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

ශ්‍රී ලංකා පොලිසීයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව අද (26) උදෑසන වන විට මුතුරාජවෙල සහ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත භූමියේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙන අතර, ඉන්ධන බෙදා හැරීමට සඳහා ද සහාය දක්වනු ලබයි. ඛනිජ තෙල් සේවකයින් දැනට ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්......
කොළඹ දී පැවැත්වීමට නියමිත සාම සාධක මෙහෙයුම් සමුළුවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සහය

ආසියා පැසිෆික් සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව (APPTCCC) සහ ආසියා පැසිෆික් සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC) වාර්ෂික මහා සභා රැස්වීම අගෝස්තු 1 සිට 3 දින දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
යුද්ධ හමුදා සම්බන්ධීකරණයෙන් රෝද පුටු 100 ක් බෙදාදෙයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙකු වන ප්‍රියන් පුෂ්පකුමාර මහතා විසින් මඩකලපුව ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා රෝද පුටු 100 ක් පරිත්‍යාග කරනු ලැබීය.
මුලතිව් සටනින් මියගිය රණවිරුවන් සිහිකෙරේ

මීට වසර 21 කට පෙර, 1996 ජූලි මස මුලතිව් සටනේ දී මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනාවේ භට පිරිස් විසින් සැමරුම් වැඩසටහනක් පවත්වනු ලැබීය.
නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි පත් කෙරේ

සපුගස්කන්ද හි පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි අමල් කරුණාසේකර නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරනු ලැබ ඇත. මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි.ඒ කරුණාසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියූ පීඑස්සී .....
‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු’ ජාතික වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්‍රියාකාරි දායකත්වය

කෙළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදා සාමාජිකයින් 1190 කට වැඩි පිරිසක්, දිවයින පුරා ක්‍රියාත්මක .....
බිම්වෙඩි ඉවත් කිරිමේ රාජකාරින් සඳහා තවත් යුද්ධ හමුදා ඉංජිනේරුවන් 47 ක්

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මානුෂ්‍යවාදි බිම්වෙඩි ඉවත්කිරිමේ රාජකාරි කඩිනම් කිරීමේ අරමුණින් මානුෂ්‍යවාදි බිම් වෙඩි ඉවත් කිරිමේ පාඨමාලාව - අංක 34 වව්නියාව, බුඔය පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී 2017 මැයි මස 22 වන දින ආරම්භ කළ අතර, මාස 02 ක පමණ කාලයක් පැවති එම පාඨමාලාව සෙනසුරාදා (15) දින අවසන් විය.
ස්විස්ටර්ලන්ත තානාපති යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති අතිගරු හයින්ස් වෝකර්-නෙදර්කෝන් (Mr Heinz Walker-Nederkoorn) බ්‍රහස්පතින්දා (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
යුද්ධ හමුදාව වෙතින් සිවිල් වැසියන් සඳහා තවත් කෘෂිකර්ම පාඨමාලාවක්

‘දිළිදුකමින් නිදහස් කිරිමේ වර්ෂය’ යන රජයේ ජාතික වැඩසටහනට සමගාමිව කන්දකාඩු (නැගෙනහිර), මැණික් ෆාම් (වන්නි), නච්චිකුඩා සහ වෙල්ලම්කුලම් (කිලිනොච්චි) සහ උදයාර්කට්ටුකුලම් (මුලතිව්) යන යුද්ධ හමුදා ගොවිපලවල් අවට පදිංචි.......
විශේෂ බලකායේ සංග්‍රාමික කිමිදුම්කරුවන් වර්ණවත් පෙළපාලියකින් විසිරයති

මෑතක දි මුලතිව්, නයාරු හි ස්ථාපනය කළ විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි (SFCDTS) පුහුණුව ලැබූ පුහුණුලාභීන් 38 දෙනෙකු අඟහරුවාදා (18) දින එම පුහුණු පාසලේ පැවති වර්ණවත් විසිරයාමේ පෙළපාලියක දී විසිරයන ලදි.