බිම්වෙඩි ඉවත් කිරිමේ රාජකාරින් සඳහා තවත් යුද්ධ හමුදා ඉංජිනේරුවන් 47 ක්
22nd July 2017
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මානුෂ්‍යවාදි බිම්වෙඩි ඉවත්කිරිමේ රාජකාරි කඩිනම් කිරීමේ අරමුණින් මානුෂ්‍යවාදි බිම් වෙඩි ඉවත් කිරිමේ පාඨමාලාව - අංක 34 වව්නියාව, බුඔය පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී 2017 මැයි මස 22 වන දින ආරම්භ කළ අතර, මාස 02 ක පමණ කාලයක් පැවති එම පාඨමාලාව සෙනසුරාදා (15) දින අවසන් විය.
ඒ සඳහා බලකායේ සියලුම ඒකක නියෝජනය කරන පරිදි නිලධාරියෙකු සහ සෙසු නිලයින් 46 ක් සහභාගි වූහ.
ක්‍රමානුකූලව සහ නිසි ප්‍රමිතීන්ට අනුව සිදුකරමින් පවතින බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු තවත් වේගවත් කිරීම හා ශ්‍රී ලංකාව වර්ෂ 2020 දී බිම්බෝම්බ අවධානමින් තොර රටක් කිරීමේ ජාතික සැලැස්මට ළඟාවිම සඳහා ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න ගේ මුලිකත්වයෙන් මෙම පාඨමාලාව ආරම්භ කෙරිනි.
පාඨමාලාව හැදැරූවන් වෙත සහතික පත් ප්‍රදානය සහ මානුෂ්‍යවාදි බිම්වෙඩි ඉවත් කිරිමේ ලාංජන පැළඳවිම ඉරිදා (16) දින ඉංජිනේරු බලසේනාධිපති ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.
|