‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු’ ජාතික වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්‍රියාකාරි දායකත්වය
22nd July 2017
කෙළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදා සාමාජිකයින් 1190 කට වැඩි පිරිසක්, දිවයින පුරා ක්‍රියාත්මක ‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු’ ජාතික වැඩසටහන සඳහා සිකුරාදා (21) දින සිය සහයෝගය දක්වනු ලැබීය.
රජයේ මඟපෙන්විම මත, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රථමයෙන් ඩෙංගු වසංගතයට එරෙහිව සටන් ඇරඹීය.
‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු’ වැසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්විම මත විවිධ ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ඉහත සඳහන් දිස්ත්‍රික්කවල සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් 1190 ක් සහභාගි වූහ.
අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව, ඩෙංගු මර්දනය සඳහා පෙර නොවූ විරූ පුළුල් ජාතික වැඩසටහනක් ලෙස සියලුම මාධ්‍ය ආයතන, පාසැල් සිසුන්, සෞඛ්‍ය නිලධාරීන්, රාජ්‍ය සේවකයින්, පොදු ජනතාව, ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන අද උදෑසන (21) ආරම්භ කරනු ලැබීය. මෙම වැඩසටහන යටතේ දුම්රිය ස්ථාන, රෝහල්, බස් නැවතුම්පළවල්, බස් ඩිපෝ, පාසල් පරිශ්‍රයන්, වෙළඳපොළවල්, විහාරස්ථාන වැනි පොදු ස්ථාන සහ අනෙකුත් සියලුම අවධානම් සහිත ස්ථාන සියලු දෙනාම ස්වේච්ඡාවෙන් පිරිසිදු කරන ලදි.
දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඩෙංගු රෝගය තුරන් වන තුරුම මාසය පුරාවට යුද්ධ හමුදා භට පිරිස් සිය ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
|