ඉන්ධන බෙදාහැරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය
26th July 2017
ශ්‍රී ලංකා පොලිසීයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව අද (26) උදෑසන වන විට මුතුරාජවෙල සහ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත භූමියේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙන අතර, ඉන්ධන බෙදා හැරීමට සඳහා ද සහාය දක්වනු ලබයි.
ඛනිජ තෙල් සේවකයින් දැනට ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සේවාවන් අඩපනවිම වැලැක්විම සඳහා රජය විසින් එම සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කිරීමෙන් අනතුරුව, යුද්ධ හමුදා භට පිරිස් තෙල් සංකීර්ණ වෙත ආරක්ෂව සපයන අතර, සේවය සඳහා වාර්තා කිරීමට කැමැත්ත දක්වා ඇති සේවකයින් හට සහාය දක්වමින් තාක්ෂණික දැනුම ලබාදිමට ද ක්‍රියා කරනු ලබයි.
|