ස්විස්ටර්ලන්ත තානාපති යුද්ධ හමුදාධිපති හමුවේ

20th July 2017

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති අතිගරු හයින්ස් වෝකර්-නෙදර්කෝන් (Mr Heinz Walker-Nederkoorn) බ්‍රහස්පතින්දා (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේ දී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ස්විස්ටර්ලන්ත තානාපති, දෙරටට ආවේනික වූ වැදගත් කරුණු හා දැනට යුද්ධ හමුදාව විසින් දිවයින තුල සිදු කරනු ලබන ප්‍රජා ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මෙම හමුවීම අවසානයේ ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අතිගරු හයින්ස් වෝකර්-නෙදර්කොර්න් වෙත සමරු තිළිණයක් පිරිනැමූ අතර, මෙම අවස්ථාවට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කර්ස්ට් ක්රිස්ටෝෆ් ගර්ට්ස් (Colonel Christof Gertsch ) ද එක්ව සිටියහ.

එහිදි විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබිමට ද ස්විස්ටර්ලන්ත තානාපති අමතක නොකලේය.

|