උණුසුම් පුවත්
යුද්ධ හමුදාව පරිහරණය කරන ලද තවත් ගොඩනැගිල්ලක් රජය වෙත පවරාදෙයි

පසුගිය මානුෂීය මෙහෙයුමෙන් පසු කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කුලී පදනම මත ලබා දී තිබු කිලිනොච්චි නගර මධ්‍යයේ පිහිටි ‘ඇන්තනි පිල්ලේ’ ගොඩනැගිල්ල බ්‍රහස්පතින්දා (28) දින උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමන් වෙත සංකේතාත්මකව භාරදුන් අතර......
නිදහස් කරන ලද ඉඩම් හා දේපල අයිතිකරුවන් යුද්ධ හමුදාව විසින් එම ප්‍රදේශවලට රැගෙන යයි

රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව යමින් ගැටුම් කාලසීමාවේදි ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කොට තිබු මුලතිව් ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් ඉඩම් අක්කර 133.34 ක ඉඩම් සහ දේපල එහි නිවැරදි හිමිකරුවන් 43 දෙනෙකු හට නැවත භාරදීමට සිකුරාදා (29) දින යුද්ධ හමුදා භට පිරිස් විසින් කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලන්ඩනයේදී බිබිසී සිංහල ෆේස්බුක් සමග සම්මුඛ සාකච්ඡාවක

ලන්ඩන් නුවර දැනට සංචාරයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (29) දින රාත්‍රී 9.00 ට ලන්ඩනයේ බීබීසී සිංහල ෆේස්බුක් පිටුව සමගින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. අදාල සම්මුඛ සාකච්ඡාව පහත දිගුවට ඇතුළු වී බලන්න.
සිවිල් ඉඩම් හිමිකරුවන් වෙත තවත් ඉඩම් අක්කර 133.34 ක් මුදාහැරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව ආරක්ෂක අවශ්‍යතා සඳහා සන්නද්ධ හමුදාවන් විසින් මෙතෙක් භාවිතා කළ අලුතින් ඉදිකරන ලද හා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලද නිවාස 28 ක් සමගින් සියලු ගොඩනැගිලි සහිතව මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෙප්පපිලව් ග්‍රාමයේ අක්කර 133.34 කින් යුත් ඉඩම් ප්‍රමාණයක්.....
තද සුළං හේතුවෙන් ආපදාවට ලක්වූ සාමාන්‍ය වැසියන්ට භට පිරිස් සහාය

කිළිනොච්චිය ප්‍රදේශයේ 65 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 651 බළසේනාවට අයත් 15 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මල්ලාවි දිස්ත්‍රික් ලේකම් බලප්‍රදේශයේ සිකුරාදා (22) දින තෙවම්පිඩ්ඩි සහ පුදුක්කාඩු ග්‍රාමයන් හරහා හමාගිය තද සුලං හේතුවෙන් විපතට පත් සාමාන්‍ය ජනතාවගේ ආධාරයට පැමිණ තිබේ.
‘පාබල මේලා’ අවසන් දිනයේදී රණවිරු පවුල් වෙනුවෙන් තවදුරටත් සුභසාධන කටයුතු

වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ‘පාබල මේලා - 2017’ ප්‍රදර්ශණය සහ සැණකෙලිය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ අතර, එහි අවසන් දින වූ ඉරිදා (24), යුද්ධ හමුදා වැන්දඹු හා ආබාධිත රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සහ දැනට හමුදා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්.....
චාවකච්චේරි නත්තල් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනාවට අයත් 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 12 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස්, නත්තල් උත්සවයට සමගාමීව සෙනසුරාදා (23) දින යාපනය චාවකච්චේරි පිහිටි ‘Pride of India’ දේවස්ථානයේ දී විශේෂ නත්තල් වැඩසටහනක් පවත්වනු ලැබීය.
වැල්වැටිතුරේ ප්‍රදේශයේ මහත් ඉහළින් නත්තල් සැමරේ

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් හි දායකත්වය ඇතිව සෙනසුරාදා (23) දින වැල්වැටිතුරේ CSI දේවස්ථාන භූමියේදි නත්තල් බැති ගී ප්‍රසංගයක් පැවැත්විණි. නත්තල් බැති ගී ප්‍රසංගය 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු යුද්ධ හමුදා කණ්ඩායම සහ දේවස්ථාන නත්තල්.....
මෙවර මඩකලපුවේ නත්තල් ආගමික උත්සව කටයුතු ඉතා ඉහළින්

මඩකලපුවේ ක්‍රිස්තියානි ප්‍රජාව, ප්‍රදේශයේ ජනවාර්ගික කණ්ඩායම් අතර සංස්කෘතීක සහජීවනය සහ සංහිඳියාව ඇතිකරලීමේ අරමුණින්, 231 වන බලසේනා මුලස්ථානයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ‘කිතුනු නත්තල් සන්ධ්‍යාව - 2017’ තේමාව යටතේ විශේෂ නත්තල් වැඩසටහනක් සිකුරාදා (22) දින මඩකලපුව, ගාන්ධි උද්‍යානයේදී පවත්වනු ලැබීය.
මාලී දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා ප්‍රථම සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය දිවයිනෙන් පිටත්ව යයි
මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රථම සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය (Combat Convoy Company) අද (24) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදි. යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 10 ක් නියෝජනය කරමින් 200 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩයේ 150 ක ගෙන් යුත්...