යුද්ධ හමුදාව පරිහරණය කරන ලද තවත් ගොඩනැගිල්ලක් රජය වෙත පවරාදෙයි
30th December 2017
පසුගිය මානුෂීය මෙහෙයුමෙන් පසු කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කුලී පදනම මත ලබා දී තිබු කිලිනොච්චි නගර මධ්‍යයේ පිහිටි ‘ඇන්තනි පිල්ලේ’ ගොඩනැගිල්ල බ්‍රහස්පතින්දා (28) දින උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමන් වෙත සංකේතාත්මකව භාරදුන් අතර පසුව එය නිත්‍යානුකුල හිමිකරුවන් වෙත භාරදෙනු ලැබේ.
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් 2011 වසරේ සිට නැවත නිත්‍යානුකුල හිමිකරුවන් වෙත පවරා දෙන මොහොත දක්වා මෙම ගොඩනැගිල්ල පුද්ගලික සමාගමක් වෙත කුලී පදනම මත ලබා දීමෙන් ලැබුණු ආදායම ප්‍රදේශයේ සිවිල්-හමුදා සම්බන්ධිකරණ ව්‍යාපෘතින් සඳහා මුලිකවම යොදාගන්නා ලදී.
පෞද්ගලික ඉඩම් සහ දේපල නිත්‍යානුකුලව හිමිකරුවන් වෙත භාරදීමේ රජයේ ප්‍රතිපත්තින්ට අනුකුලව යුද්ධ හමුදාධිපතිතුමාගේ දැක්මට අනුව මෙම ගොඩනැගිල්ල නැවතත් රජය වෙත පවරා දිම කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් සිදුකරන ලදී.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් කුමාර හන්දුන්මුල්ල විසින් මෙම ගොඩනැගිල්ලට අදාල ලියකියවිලි ආණ්ඩුකාරතුමන්ගේ කාර්යාලයේදී ගරු ආණ්ඩුකාරවරයා වෙත භාරදෙන ලදී.
|