නිදහස් කරන ලද ඉඩම් හා දේපල අයිතිකරුවන් යුද්ධ හමුදාව විසින් එම ප්‍රදේශවලට රැගෙන යයි
30th December 2017
රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව යමින් ගැටුම් කාලසීමාවේදි ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කොට තිබු මුලතිව් ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් ඉඩම් අක්කර 133.34 ක ඉඩම් සහ දේපල එහි නිවැරදි හිමිකරුවන් 43 දෙනෙකු හට නැවත භාරදීමට සිකුරාදා (29) දින යුද්ධ හමුදා භට පිරිස් විසින් කටයුතු කර තිබේ.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු නියෝජනය කරමින් එම ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් බි.පි.එස් ද සිල්වා විසින් එම භාරදුන් ඉඩම් සහ නිවාස අයිතිකරුවන් සාදරයෙන් පිළිගෙන ඔවුන් ඉඩම් සහ දේපල පිහිටා තිබු කෙප්පපිලවු ප්‍රදේශය වෙත රැගෙන යාමට සියළු පහසුකම් සලසා දී තිබුණි.
තේපැන් ආදියෙන් එම සාමාන්‍ය වැසියන්ට සංග්‍රහ කල යුද්ධ හමුදාව අනතුරුව යුද්ධ හමුදා රථවලින් ඔවුන්ගේ ඉඩම් සහ දේපල පිහිටා තිබු ප්‍රදේශයන්ට රැගෙන යාමට කටයුතු කරන ලදී.
ගැටුම් කාලවකවානුවන්හිදි ආලාභ හානීන්ට පත්ව තිබු එම නිවාස සහ දේපල නැවතත් අළුතින් ඉදිකිරිම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට ඔවුන්ට භාර දීමට ක්‍රියාකිරිම පිළිබඳව සාමන්‍ය වැසියන් මෙහිදි යුද්ධ හමුදාවට තම ප්‍රශංසාව පල කලහ.
ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් කිහිප දෙනෙකු ද මෙම සාමන්‍ය වැසියන් නැවත ඔවුන්ගේ දේපල නිවාස වෙත රැගෙනයාමට අවශ්‍ය කටයුතු සලසාදිමට සහාය විය.
|