මාලී දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා ප්‍රථම සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය දිවයිනෙන් පිටත්ව යයි

24th December 2017

මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රථම සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය (Combat Convoy Company) අද (24) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදි.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 10 ක් නියෝජනය කරමින් 200 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩයේ 150 ක ගෙන් යුත් ප්‍රථම සාමසාධක භට පිරිස මාලි දේශයේ එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා (MINUSMA) යටතේ වසරක කාලසීමාවක් සඳහා අද දින සාම සාධක රාජකාරින් සඳහා පිටත්ව යන ලදි.

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් කාර්යාලයේ උපදෙස් මත අනෙක් 50 දෙනෙකුගෙන් යුත් සාම සාධක භට කණ්ඩය නුඳුරේදී මාලිදේශය බලා පිටත්වීමට නියමිතය.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක විසින් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී දින කිහිපයකට පෙර මෙම ප්‍රථම සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය ඇමතීම ද සිදු කරන ලදි.

යුද්ධ හමුදා මූලස්ථාන මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි ද මෙම කණ්ඩය පිටත්ව යන අවස්ථාවට ඔවුන්ට සුභ පැතීම සඳහා අද (24) උදෑසන ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.

මේ සබැඳි පුවත් පහතින් දැක්වේ ;

|