Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

රණවිරු ප්‍රවීණයන්ගේ පිටුව

  • පොදුරාජ්‍ය මණ්ඩලීය යුද විරුවන් සැමරේ

    2016-11-29 07:01:42

    ජාවත්ත, කොළඹ 05 සුසාන භූමියේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද ස්මාරකය අභියසදී අද (11) දින සන්ධ්‍යාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙතින් පවත්වනු ලැබූ ‘රණවිරු අනුස්මරණ උත්සවය’ සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් උභය මැදවෙල සහභාගී විය.

  • උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් එම්.එම්. සුමනසේන (විශ්‍රාමික) වෙත ගෞරවාචාර

    2016-09-23 11:35:52

    වර්ෂ 2010 මැයි මස 15 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් එම්.එම්. සුමනසේන (විශ්‍රාමික) වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

  • ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 24 වන ගුණානුස්මරණ දිනය සැමරේ

    2016-09-23 10:48:18

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් බිහි වූ විශිෂ්ඨතම රණශූරයෙකු වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 24 වන ගුණානුස්මරණ සැමරුම සඳුදා (අගෝස්තු මස 8) දිනට යෙදී තිබේ. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව වන ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ ඔහුගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරන ලද සමරු වැඩසටහන් කිහිපයක් අනුරාධපුරය සහ අනෙකුත් ප්‍රදේශවල එදින පුරා පැවැත්වීමට නියමිතව ඇත.