Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 24 වන ගුණානුස්මරණ දිනය සැමරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් බිහි වූ විශිෂ්ඨතම රණශූරයෙකු වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 24 වන ගුණානුස්මරණ සැමරුම සඳුදා (අගෝස්තු මස 8) දිනට යෙදී තිබේ. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව වන ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ ඔහුගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරන ලද සමරු වැඩසටහන් කිහිපයක් අනුරාධපුරය සහ අනෙකුත් ප්‍රදේශවල එදින පුරා පැවැත්වීමට නියමිතව ඇත.

1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අටවන ලද බිම්බෝම්බයකට ගොදුරු වී දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මෙන්ම මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර් ස්ටෙෆන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කරනු ලැබීය.