4th July 2025
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2025 ජූලි මස 03 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් ජීවිතයක් පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී.
මෙම දේශනය යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ උපදේශක මනෝචිකිත්සක බ්‍රිගේඩියර් (වෛද්‍ය) ආර්.එම්.එම මොනරාගල USP සහ යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් යුතු කණ්ඩායමක් විසින් මෙහෙයවන ලදී.
වැඩසටහන අතරතුරදී, මානසික සෞඛ්‍යය සහ හමුදා සෙබළෙකු ලෙස තෘප්තිමත් සහ සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කරන ලදී. මෙම දේශනයට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.