යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල වෙතින් පළමු අධ්‍යයන වාරය සඳහා පවත්වනු ලැබූ පාඨමාලාවන් සාර්ථකව අවසන්

2025 වසරේ පළමු අධ්‍යයන වාරය සඳහා පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල මඟින් පවත්වනු ලැබූ ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාවන් සාර්ථකව හදාරනු ලැබූ නිලධාරින්/සෙසුනිලයන් වෙත නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025 ජුනි මස 19 දින එම පුහුණු පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP ndc psc සහභාගි විය.

නිලධාරි උසස් ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලා අංක - 19 හි නිලධාරි උපදේශකවරුන් 11 දෙනෙකු, උසස් ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලා අංක - 49 හි සෙසුනිල උපදේශකවරුන් 10 දෙනෙකු සහ සහකාර ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලා අංක - 134 හි සෙසුනිල උපදේශකවරුන් 100 දෙනෙකු උත්සවයේදී තම නිල ලාංඡන පැළඳ විසරයනු ලැබීය.

මෙම උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගි වූහ.