විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලාව - 77 සාර්ථකව අවසන්

විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලාව - 77 විසිරයාමේ පෙළපාලිය 2025 ජුනි මස 28 දින මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.

විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලාව - 77 යුද උපක්‍රම අදියර 2025 මැයි මස 02 දින සිට 2025 ජුනි මස 28 දින දක්වා දින 57 ක දැඩි පුහුණුවක් පුරාවට පවත්වන ලද අතර, ඒ සඳහා නිලධාරින් 23 දෙනෙකු සහ සෙසු නිලයන් 164 දෙනෙකු පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සෘජු අධීක්‍ෂණය යටතේ සහභාගි වූහ.

විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානයේ - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් එස්.ඒ.යූ.ඒ සෝලංගආරච්චි RSP ndc psc සහභාගි වූ අතර, මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එල්.අයි කරුණානායක RWP RSP ndc, 641 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එල් පෙරේරා, 1 වන බලකාය සහ සියලු ආරක්‍ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරින් පෙළපාළිය නැරඹීමට සහ පාඨමාලව සමත්වූන්ට ලාංඡන ප්‍රදානය කිරීමට සහභාගි වූහ.

විසිරයාමේ පෙළපාලියේදී පහත සඳහන් නිලධාරින් සහ සෙසු නිලයන් විශේෂ සම්මානවලින් පිදුම් ලැබීය:

දක්‍ෂතම ශිෂ්‍ය නිලධාරියා - ලුතිනන් ඊ.එම්.පී.එල් දයානන්ද 16 බලඇණිය ගජබා රෙජිමේන්තුව

දක්‍ෂතම ශිෂ්‍ය සෙබළා - ලාන්ස් කෝප්‍රල් බී.ජී.අයි බාඩනගේ 22 බලඇණිය ගජබා රෙජිමේන්තුව

හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබළා - කෝප්‍රල් ඩී.එම්.එම්.සී ජයසිංහ 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

දක්‍ෂතම වෙඩික්කරු - ලුතිනන් ඊ.එම්.පී.එල් දයානන්ද 16 බලඇණිය ගජබා රෙජිමේන්තුව