27th June 2025
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 21 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජුනි මස 23 දින බදුරලිය ප්‍රදේශයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් වෙනුවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම දැනුවත් කිරීමේ දේශනයන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් එම්.එච් වික්‍රමාරච්චි සහ ගජබා රෙජිමේන්තුවේ සැරයන් එන්.එම්.එන් කුමාරරත්න විසින් මෙහෙයවන ලදී. මෙම දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.