2nd July 2025
නිලධාරින් 32 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති ‘තරුණ නිලධාරි පාඨමාලා අංක - 70’ හි සමාප්ති උත්සවය 2025 ජුනි මස 29 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
පාඨමාලාවේ සමාප්ති දේශනය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එල්.අයි කරුණානායක RWP RSP ndc විසින් පවත්වන ලදී.
කුසලතා අනුපිළිවෙලින් පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ගැමුණු හේවා බලකායේ දෙවන ලුතිනන් අයි. හිරුෂාන් සමත්විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.