‘9 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය - 2025’ තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‍ෂතා දක්වයි

ශ්‍රී ලංකා කරාතේ සම්මේලනය වෙතින් සංවිධානය කරන ලද ‘9 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය - 2025’ තරඟාවලිය ජූලි මස 05 සහ 06 දෙදින තුළ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා ජාතික කරාතේ කණ්ඩායම නියෝජනය කරමින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගි වූ අතර, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්හ.

යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.ඩී සලේ ndc ගේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලිය සඳහා සහභාගි වූහ.