‘තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලිය - 2025’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පදක්කම් රැසක්

තායිලන්ත මළල ක්‍රීඩා සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලිය - 2025’ තරඟාවලිය 2025 ජුනි මස 22 දින තායිලන්තයේ පාතුම්තානි ප්‍රදේශයේදී පැවැත්විණි.

එම තරඟාවලියේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

• 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ජී.ආර් චතුරංග - රන් පදක්කම් දෙකක්

• 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් එම්.එන්.එස් අහමඩ් - ලෝකඩ පදක්කමක්

• 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් වී. වක්සන් - රන් හා රිදී පදක්කම්

• 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ එච්.ඩබ්ලිව්.කේ හපුආරච්චි - රිදී පදක්කමක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලිය සඳහා සහභාගි වූහ.