ජාතික මුයිතායි ශූරතාවලිය - 2025 දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි
2025 ජුනි මස 05 දින කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජාතික මුයිතායි ශූරතාවලිය - 2025 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඛණ්ඩව තුන්වන වරටත් එහි ජයග්‍රහණය හිමිකරගනිමින් රන් පදක්කම් 17 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් දිනා ගත්හ.
හොඳම පිරිමි බොක්සිං ක්‍රීඩිකයා ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් කේ.ජී.සී.එස්.ඩී. කොඩිතුවක්කු දිනා ගත් අතර, හොඳම කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ජී.සී.ජේ තිලකරත්න සම්මාන දිනා ගත්තාය.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරින්, රාජකීය තායි තානාපති කාර්යාලයේ නියෝජිතයන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහ අනෙකුත් තරඟකරුවන් සහභාගි වූහ.