26th June 2025
ශ්‍රී ලංකා ජාතික සෙපැක්ටැක්රෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික සෙපැක්ටැක්රෝ ශූරතාවලියේ අවසන් මහා තරඟය 2025 ජුනි මස 15 දින පුත්තලම නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ නවරත්න RWP RSP ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා සෙපැක්ටැක්රෝ කණ්ඩායම් මෙම තරඟාවලිය සඳහා සහභාගි වී ශූරතාවයන් දිනාගත්හ.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.