5th September 2025
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් මාධ්‍ය මුෂ්ඨි ප්‍රහාරක තරඟාවලිය - 2025 කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 අගෝස්තු මස 18 දින සිට 21 දින දක්වා පැවැත්වු අතර, මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා සමාජ 20ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 85 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 36 දෙනෙකු සහභාගි විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරල් පී.කේ. ඩබ්ලිව්. ඩබ්ලිවි.එම්.ජේ.එස්.බී.ඩබ්ලිවි පල්ලේකුඹුර RWP RSP ndu psc ගේ අධීක්‍ෂණය යටතේ තරඟ වැදුණු යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම, බර පන්ති 10ක් යටතේ රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ පළමු ස්ථානයට පත් විය.
මේ අතර, 7 බලඇණිය යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් පී.එච්.අයි විරාජනී කිලෝග්‍රෑම් 54ට අඩු කාන්තා පන්තියේ රන් පදක්කම දිනාගත් අතර, ඇය තරඟාවලියේ හොඳම කාන්තා ක්‍රීඩිකාව ලෙසද සම්මානයට පාත්‍ර විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් රැසක් සහභාගි වූහ.