ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපැදි තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා පාපැදි කමිටුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපැදි තරඟාවලිය - 2025, 2025 අගෝස්තු මස 28 සහ 29 යන දිනයන්හිදී උඩවලවේදී පැවැත්වූ අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 118 දෙනෙකු සහභාගී වූහ.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සී. කළුතරආරච්චි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

තරඟාවලියේදී කේවල කාලය මැනීමේ ස්ටෑන්ඩඩ්/ රේසිං තරඟ, මාර්ග පාපැදි ස්ටෑන්ඩඩ්/ රේසිං තරඟ, වයස අවුරුදු 45 ට වැඩි රේසිං තරගය සහ කාන්තා මාර්ග තරඟය ස්ටෑන්ඩඩ් යන තරඟ ඉසව් ඇතුළත් වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය ලකුණු 95 ක් ලබාගනිමින් සමස්ත ශූරතාවයත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය ලකුණු 43 ක් ලබා ගනිමින් අනුශූරතාවයත් හිමිකර ගත්තේය.

ජයග්‍රාහකයින්

• පිරිමි රේසිං මාර්ග පාපැදි තරඟය - කාර්මික සෙබල ඒ.ඩී.එස් පෙරේරා (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය)

• ස්ටෑන්ඩඩ් පාපැදි තරඟය - ලාන්ස් කෝප්‍රල් ජී.සී මධුෂාන් (ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය)

• කාන්තා ස්ටෑන්ඩඩ් මාර්ග පාපැදි තරඟය - කෝප්‍රල් යූ.එන්. කුමාරසිංහ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා)