යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩක කෝප්‍රල් නුවන් ඉන්දික ගමගේ ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් හිමිකර ගනී

2025 ඔක්තෝබර් මස 02 දින ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරා මලල ක්‍රීඩක කෝප්‍රල් නුවන් ඉන්දික ගමගේ විසින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

එහිදී, කෝප්‍රල් ගමගේ පිරිමි T44 දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.46 ක දුරක් වාර්ථා කරමින් ලොව හොඳම පැරා මලල ක්‍රීඩකයින් අතරට එක් විය.