2nd October 2025
13 වන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරඟාලිය මෙවරත් 2025 සැප්තැම්බර් මස 29 සහ 30 යන දිනයන්හිදී දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි සාමාරම්භක උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහභාගී විය.
රන් පදක්කම් 45 න් 39 ක් දිනා ගනිමින් නව තරඟ වාර්තා නවයක් ද පිහිටුවමින් තරඟාවලියේ සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිනා ගන්නා ලදී.
මෙම අවස්ථාවට යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc සහ යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයින් රැසක් සහභාගී වූහ.