18th February 2026
මහමේරු Rallycross 1-2026 තරඟාවලිය 2026 පෙබරවාරි මස 07 දින සිට 08 දින දක්වා ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සිවිල් ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩකයන් සහභාගී විය.
යුද්ධ හමුදා ක්‍රීඩකයන් දක්වන ලද දස්කම් පහතින් දැක්වේ:
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.ඩී.ආර්. ජයෂාන් STD 125cc (ජාතික) ඉසව්වෙන් ප්‍රථම ස්ථානය, MX 125cc (ජාතික) ඉසව්වෙන් ප්‍රථම ස්ථානය සහ STD 250cc (ජාතික) ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගත්තේය.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබළ ජේ.එන්.එම්. ජයසුන්දර STD 125cc (ජාතික) ඉසව්වෙන් දෙවන ස්ථානය සහ STD 250cc (ජාතික) ඉසව්වෙන් දෙවන ස්ථානය ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ ටී.එන්. කුමාර MX 125cc (ජාතික) ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තේය.
ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබළ එල්.බී.ඩී. සෙනෙවිරත්න සුපර් මෝටාර් 250 cc ඉසව්වේ (තරග 01 - ජාතික) තෙවන ස්ථානය සහ සුපර් මෝටාර් 250 cc ඉසව්වේ (තරග 02 - ජාතික) තෙවන ස්ථානය දිනා ගත්තේය.